රනිල් වික‍්‍රමසිංහ අත් අඩංගුවට ගැනීමේ සූදානමක්. රාවය වාර්තා කරයි.

0
1106
- Advertisement -

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරියේ දී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බව සති අන්ත රාවය පුවත්පත වාර්තා කරයි.

රාවය පුවත් පතට, නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශිකා ,නිශාරා ජයරත්න මහත්මිය දැක්වූ අදහසක් මත රාවය ඒ බව ප‍්‍රකාශ කර තිබේ.

එවකට මහ බැංකුව අයත්ව තිබුණේ ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට බවත්, එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවත්, එබැවින්, බැදුම්කර සිද්ධියට අදාලව රනිල් වික‍්‍රමසිංහ මහතා සැකකරුවෙකු නොවේදැයි රාවය පුවත්පත ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින්, නිශාරා ජයරත්න මහත්මිය පවසා ඇත්තේ, රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ දී අනිවාර්යයෙන් ම බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − eight =