රනිල් බෑ කියයි. ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාරට.

0
395
- Advertisement -

රනිල් බෑ කියයි.
ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය පක්ෂයේ නීති ලේකම්
නිශ්ශංක නානායක්කාරට.

එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන එකම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය භාර නොගැනීමට, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව සති අන්ත සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එජාපයට හිමි එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා, එම පක්ෂයේ නීති ලේකම්, ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවද පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, මේ වනතුරු, ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා නම් කරන්නේ කවුද යන්න පිළිබදව, එජාපය මැතිවරණ කොමිසමට දැනුම් දී නැත.