රනිල් පිල අකමැති වුණොත්, සජිත් වෙනම ඉල්ලයි.

0
1257
- Advertisement -
Share

කිසියම් හේතුවක් මත සජිත් පේ‍්‍රමදාස මහතාට, එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබුනහොත්, ඒ මහතා වෙනම තරඟ වැදීමට සූදානම් බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා, සජිත් පාර්ශ්වයේ අමාත්‍යවරු සහ මන්ත‍්‍රීවරු කීප වතාවක්ම මුණ ගැසී තිබේ.

සජිත් පේ‍්‍රමදාස මහතා වෙනම තරඟ කරන්නේ නම්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහායද ඒ මහතාට ලැබීමට නියමිත බවය පැවසෙන්නේ.

ඊට අමතරව, එවැනි තත්ත්වයක් උදා වුවහොත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය නියෝජනය කරන මන්ත‍්‍රීවරු සියලූ දෙනාගේ සහායද සජිත්ට ලැබෙනු ඇතැයි සජිත් පිල ගණන් බලා තිබේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ අනෙකුත් පක්ෂ හා සංවිධාන එක්ව ගොඩ නැගීමට නියමිත තිබූ නව සංධානය ගොඩ නැගීම දින නියමයක් නැතිව කල් තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + nine =