රනිල් එජාප ප‍්‍රාදේශීය සභා නියෝජිතයෝ හමුවෙති.

0
272
- Advertisement -

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා එජාප ප‍්‍රාදේශීය සභා නියෝජිතයන් අතර හමුවක් අද උදෑසන අරලිය ගහ මන්දිරයේ දී සිදු විය.

මෙම හමුව සදහා, ගම්පහ, අනුරාධපුර හා මහනුවර යන දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ප‍්‍රාදේශීය සභා නියෝජිතයෝ සහභාගී වී සිටිය හ.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂක ධූරයට නම් කිරීම සඳහා බලකිරීමේ අරමුණ ඇතිව ඊයේ බදුල්ලේ පැවති රැළියට පසුව, එජාප නායකයා මෙසේ ප‍්‍රාදේශීය සභා නියෝජිතයන් මුණ ගැසීම විශේෂත්වයකි.

අග‍්‍රාමාත්‍යවරයා සහ ප‍්‍රාදේශීය සභා නියෝජිතයන් අතර හමුවට, පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, කාවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක සහ චන්ද්‍රාණී බණ්ඩාර යන අය ද සහභාගී වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + eleven =