රනිල් අගමැති ධූරයෙන් ඉවත් වේ. ඒත් පාර්ලිමේන්තු මැතිවණයක් නෑ..!

0
487
- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවෙන් ඉවත් වී, වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවිය යුතු බවට එජාප ඉදිරි පෙළ නායකයන්ගේ අදහස වී ඇතත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනමින් මැතිවරණයකට යෑම සම්බන්ධයෙන්,ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එජාප සජිත් පාර්ශ්වයද එක සේ විරුද්ධ බව පැවසේ.

ඔවුන්ගේ අදහස වී ඇත්තේ, පවතින පාර්ලිමේන්තුව දිගටම පවත්වා ගනිමින්, තමන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමේ අභියෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී ම වඩාත් යහපත් බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය නියමිත කාලය තෙක් කල් දමා ගැනීමෙන් තමන්ට වඩා වැඩි වාසි අත් වෙනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =