රනිල්ගේ ප‍්‍රශ්නය විසදේ…! පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරයි.

0
634
- Advertisement -

සජිත් ජනාධිපති වුවහොත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික‍්‍රමසිංහට සිදුවන බවත්, ඒ හේතුව මත එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා නම් කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කල් දමමින් සිටින බවත් බොහෝ දෙනා පවසති.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජනාධිපති වුවහොත් ඔහුට හෝ ඇයට පක්ෂ නායකත්වය හිමිවන බවට වන වගන්තියක් තිබෙන බව පැවසූවත්, අදාල වගන්තිය 1994 වසරේදී ඉවත් කර ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.

එවකට පක්ෂයේ මහලේකම් වරයා වූ ගාමිණී අතුකෝරාල මහතා විසින් එම වගන්තිය පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ. එම යුගයේ පැවති දේශපාලන වාතාවරණය මත, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත හොත්, එජාප නායකත්වයට ඇය පත් කර ගැනීමට සිදුවන නිසා, අදාල වගන්තිය ඒ මොහොතේ ඉවත් කර ඇති බව පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 19 =