රනිල්ගෙන් හා රන්ජන්ගෙන් CID ය ප‍්‍රශ්න කිරීමට යයි.

0
367
- Advertisement -
Share

අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කරන ලද පැමිණිල්ලකට අදලාව ප‍්‍රකාශ සටහන් කර ගැනීම සදහා ඉතා නුදුරු දිනයකදී, හිටපු අග‍්‍රාමාත්‍යවරයා සහ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත බව වාර්තා වේ.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව, මෑතකදී සමාජ ගත වූ, රන්ජන් රාමනායක මහතාගේ හඩපටයකින් හෙළිදරව් වන බව, මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් වැඩ බලප පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින්, අදාල පැමිණිල්ල පිළිබදව පරීක්ෂණ පැවැත්වීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =