රන්ජන් සභාගත කළ රහස් හඩපටය ඇසීමට හිරුණිකාට අවසර දෙනවා ද..? කතානායක තීරණය අද..!

0
529
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ලබා දුන්, දුරකථන සංවාදය සහිත සී.ඞී තැටිය, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඇසීමට ලබා දෙනවාද කියා තීරණය කිරීම අද සිදු කිරීමට නියමිතය.

පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය පවසා සිටියේ, තමන්ට එම සීඞී පටය ඇසීමට අවශ්‍ය වූ නමුත්, පාර්ලිමේන්තු පුස්තකාලය ඒ සදහා අවසර ලබා නොදුන් බවයි.

අද පෙරවරුවේ, කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් හමු වීමට නියමිත අතර, රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සභාගත කළ හඩපටය සෑම මන්ත‍්‍රීවරයෙක්ටම ඇසීමට ඉඩ ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් එම හමුවේ දී තීරණයක් ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − 2 =