රන්ජන් පාර්ලිමේන්තුවට ගේනවාද නැද්ද..? “අවසන් තීරණය ගැනීමට සති තුනක කාලයක් ලබා දෙන්න.” කතානායක ඉල්ලයි.

0
365
- Advertisement -

රන්ජන් පාර්ලිමේන්තුවට ගේනවාද නැද්ද..?
“අවසන් තීරණය ගැනීමට සති තුනක කාලයක් ලබා දෙන්න.” කතානායක ඉල්ලයි.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා, අද දිනයේ පාර්ලිමේන්තුවට කැදවීම සදහා කටයුතු නොකළේ මන්දැයි, විපක්ෂය කතානායකවරයාගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින්, කතානායකවරයා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබදව සැලකිල්ල යොමු කර, අවසන් තීරණයක් ගැනීම සදහා, තමන්ට තවත් සති තුනක කාලයක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට නීතිමය ප‍්‍රතිපාදන නැති බව ආණ්ඩුව වෙනුවෙන් කරුණු දැක් වූ සියළු දෙනාගේ අදහස වූ අතර, විපක්ෂය පවසා සිටියේ, රන්ජන් පාර්ලිමේන්තුවට කැදවිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × one =