රන්ජන් අත් අඩංගුවට..!

0
1189
- Advertisement -

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබී ය.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අද සන්ධ්‍යාවේ දී මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාට අයත් නිවස සෝදිසි කිරීමට පොලිසිය පැමිණියේ ය.

ඔවුන් පැමිණ තිබුණේ, රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සතුව ඇතියි පැවසූ කිසියම් ලිපිගොනුවක් හා වීඩියෝ පට කිහිපයක් පිළිබදව සොයා බැලීමට යි.

නමුත් පොලීසිය ඔහු අත් අඩංගුවට ගනු ලැබුවේ, මන්ත‍්‍රීවරයා සතුව තිබුණු ගිනි අවියේ අවසර බලපත‍්‍රය යාවත්කාලීන කර නොතිබීමේ වරද සම්බන්ධයෙනි.

රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සතු ගිනි අවිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයෙන් ලබා දෙන ගිනි අවියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 1 =