රන්ජන්ගේ ප‍්‍රශ්නය දුරදිග යයි. විපක්ෂයේ මන්ත‍්‍රීවරු රනිල් හමුවෙති.

0
623
- Advertisement -

පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත‍්‍රීවරු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබදව සාකච්ඡුා කිරීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී තිබේ. රන්ජන්ගේ මෙම චෝදනාව, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මහජන නියෝජිතයන් වෙතද යොමුව තිබේ. රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා එවැනි චෝදනාවක් කර තිබුණද ලිඛිතව තමන් වෙත මත්ද්‍රව්‍ය භාවිතා කරන මහජන නියෝජිතයන්ගේ නම් ලැයිස්තුවක් ලබා දී නැතැයි අගමැති වරයා පවසා ඇති බව වාර්තා වේ. එසේම, කතානායක වරයාද පවසා ඇත්තේ, රන්ජන්ගෙන් එවැනි නම් ලැයිස්තුවක් තමන්ට නොලැබුණු බවයි. රන්ජන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සදහා කමිටුවක් පත් කිරීමට අගමැති වරයා පොරොන්දු වී තිබේ.