රන්ජන්ගෙන් කිරුළ ගිලිහේ….!

0
711
- Advertisement -

අඛණ්ඩව වසර 11 ක් ජනපි‍්‍රයම නළුවාට හිමි කිරුළ තමන් සතු කර ගත්
රන්ජන් රාමනායකගෙන් ජනප‍්‍රිය නළු කිරුළ ඊයේ රාත‍්‍රියේ ගිලිහී ගියේ ය. ඒ වෝටර්ස් එජ් හී පැවති ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී ය. රන්ජන්ගෙන් ගිහිහුණු කිරුළට මෙවර උරුමකම් කීවේ හේමාල් රණසිංහ යි. ගියවර සම්මාන උළෙලේ දී, ජනප‍්‍රියම නළුවාට හිමි කිරුළ රන්ජන් හා හේමාල් අතරේ සම සමව බෙදී ගොස් තිබීම විශේෂත්වයකි. තරුණ හදවත් වැඩියෙන්ම ආකර්ෂණය කර ගත් සිනමා තරුව වූවේ ද හේමාල් ය. ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී වසරේ ජනප‍්‍රියම සිනමා පටයට හිමි සම්මානය, ගෝල් චිත‍්‍රපටය දිනා ගත්තේ ය. ජනප‍්‍රියම ටෙලි සිත්තම ලෙස දෙවෙනි ඉණිම නම් විය. ජනප‍්‍රියම ටෙලි නිළිය සම්මානය දෙවෙනි ඉණිමේ නයනතාරා වික‍්‍රමආරච්චිට හිමි විය. ජනප‍්‍රියම ගායිකාව ශශිකා නිසංසලා ය. ගායකයා චාමර වීරසිංහ යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − six =