රථවාහන ගමනා ගමනයට බාධා ඇතිකරමින් නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි

0
420
- Advertisement -
Share

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (18) උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති වී තිබෙනවා.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබුණා.

ප්‍රධාන නගරය ජලයෙන් යට විම නිසා වෙළදසැල් කිහිපයක්ද ජලයෙන් යට වි තිබිම නිසා එම වෙළදසැල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වී සිටියා.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටව තිබෙනවා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් උදැසන සිට විවෘත කර තිබෙනවා.

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා නගරය හරහා ගමන් කරන රථ වාහන වලට මෙන්ම නගරයට පැමිණෙන මගි ජනතාව මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසිරුතාවයට පත් වී තිබුණා.




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − one =