රතුපස්වලදී අහිංසකයන්ට ගිනිබින්ද හමුදා නිළධාරීන්ට අධිචෝදනා භාර දෙයි.

0
739
- Advertisement -

පානීය ජලය ඉල්ලා සාමාන්‍ය මහජනතාව විසින් දියත් කළ උද්ඝෝෂණයේ දී වෙඩි තබා නිරායුධ සිවිල් පුරවැසියන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ හමුදා නිළධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ගම්පහ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දී අධිචෝදනා භාර දී තිබේ.

චෝදනා 94 ක් යටතේ මෙසේ අධිචෝදනා භාර දීම සිදු කර තිබේ.
අදාල උද්ඝෝෂනයේ දී හමුදාව තැබූ වෙඩි පහර වැදී අකිල දිනේශ්, ශමිල පෙරේරා යන සිසුන් දෙදෙනා හා නිශාන්ත පුෂ්පකුමාර නමැති ඇ`ගළුම්කම්හල් සේවක තරුණයා මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබුණි.

අදාල අධිචෝදනා ඉදිරිපත් කරමින්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා ඇත්තේ චෝදනා ඔප්පු කිරීම ස`දහා සාක්ෂිකරුවන් 196 දෙනෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

අනිද්දා පුවත්පත ඇසුරෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − thirteen =