රත්නපුර සිදුකල හදිසි මෙහෙයමුකින් 48 දෙනෙකු අත් අඩංගුවට

0
548
- Advertisement -
Share

රත්නපුර කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරුන්වරුන්ගේ උපදෙස් මත රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් පසුගිය 1 වන දින පස්වරුවේ රත්නපුර නගරයේ හා අවට ප්‍රදේශයේ ක්ෂණික මෙහෙයමුක් සිදු කර ඇත.

එයින් වරෙන්තුකරුවන් ඇතුලු මත් ජාවාරම්කරුවන්, මත්කුඩු විකුනන්නන්, ප්‍රසිද්දියේ මත්පානය කරමින් සිටි පුද්ගලයින් ඇතුලු විවිද අපරාද වලට සම්බන්ද 48 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් එම පිරිස පසුව රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් නඩු පැවරිය හැකි පිරිස නඩු පැවරීමට කටයුතු කර පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඉතිරි පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =