“රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීම.” උප පොලිස් පරීක්ෂකවරයෙකුත් අත් අඩංගුවට..!

0
631
- Advertisement -

දකුණු පලාත් අපරාධ විමර්ෂණ ඒකකය හා සම්බන්ධව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු, අපරාධ පරීක්්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට පත් වී ඇත්තේ, උප පොලිස් පරීක්ෂක විරාජ් මදුසංඛ යන අයයි. රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිදුවීම හා සම්බන්ධව මෙම අත් අඩංගුවට ගැනීම සිදු වී තිබේ. මීට පෙර, මෙම කොට්ඨාශයේම සේවය කළ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා යන අයද මෙම සිදුවීමට අදාලව අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.