පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට තහවුරු වී ඇති රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනයට සැකපිට තවත් අට දෙනෙකු ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් විශේෂ විමර්ෂණ ඒකකයට අනුයුක්ත පොලිස් නිළධාරීන් 07 දෙනෙකු සහ අඩවි වන නිළධාරියෙකි.
මීට පෙර මෙම සිදුවීම සම්බන්ධව, දකුණු පළාත් විශේෂ විමර්ෂණ ඒකකයේ උප පොලිස් පරීක්ෂක වරු දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබුණි. අත් අඩංගුවට ගෙන ඝාතනය කර ඇත්තේ, රත්ගම බූස්ස ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල සහ 31 හැවිරිදි රෂේන් චින්තක නම් තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනාය.