රතන හිමිට මල්වතු අස්ගිරි මහ නාහිමිවරු විරෝධය පාති.

0
1412
- Advertisement -

තමන්වහන්සේලාගෙන් අවසර නොගෙන දළදා මාළිගාවේ උඩ මළුවේ මාරාන්තික උපවාසයක නිරත වීම සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයන් අයත් මහනාහිමිවරුන්ගේ දැඩි විරෝධය අතුරලියේ රතන හිමියන් වෙත එල්ල වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම, මාළිගා පරිශ‍්‍රයේ සිට වෛරී ප‍්‍රකාශ සිදුකිරීම, කෑකෝ ගැසීම සහ සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම යන ආදී කිසිවක් බෞද්ධ දර්ශනයට අනුකූල නොවන නිසා බෞද්ධයන් මහත් සේ ගරු කරන දළදා මාළිගා පරිශ‍්‍රය රතන හිමියන් විසින් අවභාවිතා කර ඇති බවයි උන්වහන්සේලාගේ අදහස වී ඇත්තේ.