රණවිරුවා ඇතුළුව 09 දෙනෙක් 14 හැවිරිදි දැරිය අපයෝජනය කරයි. ළමා ආරක්ෂක අධිකාරිය අපරාධකරුවන්ට ඇප දීමට කුමන්ත‍්‍රණය කරයි.

0
1223
- Advertisement -

වයස අවුරුදු 14 ක දැරියක්, ඇය බිය ගන්වා, අපයෝජනය කළ තරුණයන් 09 දෙනෙකුට එරෙහිව පැවති නඩුවකදී, ළමා ආරක්ෂණ අධිකාරිය හැසිරී ඇති ආකාරය අධිකරණයේ දැඩි දෝශ දර්ශනයට ලක් ව ඇති බව වාර්තා වේ.

අපරාධය සම්බන්ධයෙන් වූ නඩුව, පසුගිය 02 වන දා, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය හමුවේ විභාගයට ගෙන තිබේ.

එහිදී, ළමා ආරක්ෂණ අධිකාරිය, අපරාධ කරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබුණු බී වාර්තාවේ තිබෙන අඩුපාඩු දැක ඇති මහේස්ත‍්‍රාත්වරිය, අපරාධ කරුවන්ට ඇප ලබා දීම සදහා හිතා මතාම – එසේ කළා ද කියා ළමා ආරක්ෂණ අධිකාරියේ නිළධාරීන්ගෙන් විමසා තිබේ.

මේ තරම් දරුණු අපයෝජනයක් ළමා ආරක්ෂණ අධිකාරියට පෙනෙන්නේ විනෝදකාමී දෙයක් ලෙස දැයි, මහේස්ත‍්‍රාත් වරිය තව දුරටත් විමසා තිබේ.

අදාල අපරාධකරුවන් ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කර තිබේ. අපරාධ කරුවන් 09 දෙනාගෙන් එක් අයෙකු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − twelve =