රට හදන්න වියත් මගෙන් ආ කිසිවෙකුට කැබිනට් අමාත්‍ය දූර නෑ.

0
192
- Advertisement -
Share

රට හදන්න වියත් මගෙන් ආ කිසිවෙකුට
කැබිනට් අමාත්‍ය දූර නෑ.

වියත්මඟ සංවිධානය නියෝජනය කරමින්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ කළ වියතුන් අට දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිය ද ඔවුන් කිසිවෙකුට කැබිනට් අමාත්‍ය දූර හිමි නොවීම විශේෂත්වයකි.

වියත් මගෙන්, කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු, නාගරික සංවර්ධනයට අදාල කැබිනට් අමාත්‍ය දූරයක් බලාපොරොත්තුවෙන් සිටියද, ඔහුට හිමි වූවේ පළාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය දූරයයි.

ඔහුට අමතරව, වියත් මග සංවිධානය නියෝජනය කරමින් තරග වැදුණු නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, ගුණපාල රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, වෛද්‍ය තිලක් රාජපක්ෂ, වෛද්‍ය සීතා අරඹේපොල යන පාර්ලිමේන්තුවට තේරී පත් විය. මේ අතරෙන් සීතා අරඹේපොල මහත්මිය ජාතික ලයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + fourteen =