රට හදන්න කලින් මේ රටේ පුරවැසියෙක් වෙලා ඉන්න…!

0
521
- Advertisement -
Share

”රට හදන්න කලින්, මේ රටේ පුරවැසි භාවය රැුගෙන ඉන්න” යැයි; කුමාර වෙල්ගම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසයි.

ඊයේ වැඩ ඇරඹූ මහේන්ද්‍රා වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයෙන් පසුව, මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට උත්තර දෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේ ය.

කුමාර වෙල්ගම මහතා පවසන ආකාරයට, ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන නැත. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානුවෙකි. ඇමරිකානුවෙකුට ලංකාව ගැන කැක්කුමක් තිබිය හැකිද කියා විමසන කුමාර වෙල්ගම මහතා, ගෝඨාභය රාජපක්ෂට වඩා, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේශ් ගුණවර්ධන සහ තමන් වැනි අය මේ රටට ආදරය කරන බවද පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 4 =