“රට විරුවෝ 1700 කට වෛරසය ආසාදනය වේ. 23 දෙනෙක් මිය යති.” විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

0
734
- Advertisement -
Share

රට විරුවෝ 1700 කට වෛරසය ආසාදනය වේ.
23 දෙනෙක් මිය යති.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මැදපෙරදිග කලාපයේ රටවල් 17 ක සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,700 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව, ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඊට අමතරව, එම රටවල දී වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම මරණ පිළිබදව, මෙරට ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 15 =