රට මුහුණ දී ඇත්තේ, රාජ්‍ය සේවකයාගේ මාසයක වැටුපෙන් ගොඩ යා හැකි තරමේ සරළ ආර්ථික අර්බුදයකට ද?

0
2084
- Advertisement -

රජයේ සේවකයන්ගේ මසක වැටුප හෝ ඉන් කොටසක් ලබා දෙන ලෙස, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුව ඇති බව හිටපු අග‍්‍රාමාත්‍ය, රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නා, කොරෝනා වසංගතය හේතුවෙන් මතුවී තිබෙන ආර්ථික අර්බුදය, රජයේ සේවකයෙකුගේ මසක වැටුපෙන් ගොඩ යා හැකි මට්ටමේ එකක් නොවන බවයි. එමෙන්ම, එම වැටුප, වැන්දඹු හා අනත් දරු අරමුදලට බැර කිරීමෙන් රටේ ආර්ථිකයට එය සහනයක් වන්නේ කෙසේද යන්න රජය ජනතාවට පැහැදිලි කළ යුතු බවද ඔහු පවසයි

කෙසේ වෙතත්, සෘජුව, කොරෝනා වසංගතයට එරෙහිව මුහුණ දීම සදහා ලෝක බැංකුවෙන් ප‍්‍රමාණවත් තරමේ ආධාර ලැබී ඇති බව හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 15 =