“රට අත්හැර-බෝට්ටුවල නැගී පලා යෑමට දරන උත්සාහයන් ඉහළ යයි.” ජාවාරම්කරුවන්ට අහු වෙන්ඩ එපා යැයි පොලිසිය කියයි.

0
124
- Advertisement -

“රට අත්හැර-බෝට්ටුවල නැගී
පලා යෑමට දරන උත්සාහයන් ඉහළ යයි.”
ජාවාරම්කරුවන්ට අහු වෙන්ඩ එපා යැයි පොලිසිය කියයි.

නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යාමක් පසුගිය කාල පරිච්ෙඡ්දය තුළ දක්නට ලැබෙන බව වාර්තා වේ.

මීට පෙර මෙවැනි තත්ත්වයක් යුද සමයේ දී රට තුළ දක්නට ලැබුණු බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.

ජාවාරම් කරුවන් කුමන පොරොන්දු ලබා දුන්නද, මුහුදු මාර්ග ඔස්සේ, නීති විරෝධීව රටින් පලා යන පුද්ගලයන්ට ඔවුන් බලාපොරොත්තු වන වාසනාව උදා නොවන බව ද ඔහු පවසයි.

නීති විරෝධීව වෙනත් රටකට ඇතුලූ වීමට උත්සාහ දරන එවැනි පුද්ගලයන් නිසැක ලෙසම නැවත සිය මව්රටට හරවා එවන බවත්, මව් රටේදී විශාල දඩ මුදලක් ගෙවීමටත් සිරදඩුවම් විදීමටත් එවැනි පුද්ගලයන්ට සිදු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 10 =