ශ්‍රී ලංකාවේ සියලු ණය වාරික වසරක් තුළ ගෙවා ගත හැකි ක්‍රමයක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අනාවරණ කරනවා.
ඔහු මෙම අනාවරණය කළේ ඊයේ (25) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ්
ගුඞ් නයිට් වැඩසටහනේදීයි.
එහිදී “මම වගකීමකින් යුතුව කියනවා. ඇහැළියගොඩ කොට්ඨාශයේ ගැටහැත්ත ප්‍රදේශයෙන් උඩහා නාපාවල ප්‍රදේශයේ සිට පොළොව යටින් විවිධ මට්ටම්වලින් මැණික් ගෙඩි මාලාවක් විහිදී යනවා… කෑගල්ල දිස්ත්‍රික්කය දක්වා. අපේ මිනිස්සුන්ට ලැබිලාත් තියෙනවා. ඒ මාලාව දුවන ආකාරය අනුව මිනිස්සුන්ට යම් යම් මායිම් වැටිලා තියෙනවා. මේක රජයේ ව්‍යාපෘතියක් හැටියට කළ යුතුයි ඉංජිනේරු විද්‍යාවත් එකතු කරගෙන. මේක කළොත් අපිට අවශ්‍ය මුදල් මැණික්වලින් පමණක් ගන්න පුළුවන්. හැබැයි අපි මැණික් ප්‍රවේශමෙන් වෙළඳපොළට දාන්න ඕනේ. අනෙක් එක කෘතිම මැණික් හැදෙන්න කලින් මේක එළියට ගන්නත් ඕනේ. “ යනුවෙන් සඳහන් කළා.