රටේ ආහාර හිගයක් ඇති බව උතුරු කොරියානු නායකයා පිළිගනියි. කෙසෙල් කිලෝවක මිල ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 9000 ක්.

0
390
- Advertisement -

රටේ ආහාර හිගයක් ඇති බව
උතුරු කොරියානු නායකයා පිළිගනියි.
කෙසෙල් කිලෝවක මිල ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 9000 ක්.


සිය රටේ උග‍්‍ර ආහාර හිගයක් තිබෙන බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පිළිගෙන තිබේ.

ජ්‍යේෂ්ඨ නායකයන් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

පසුගිය වසරේ ඇති වුණු ගංවතුර තත්ත්වය නිසා කෘෂි අස්වැන්න පහත ගොස් ඇති අතර, කොරෝනා වසංගතය හේතුවෙන් දේශ සීමා වසා දමා ඇති බැවින් චීනය සමග වෙළදාම ද බිද වැටී තිබේ.

උතුරු කොරියාව, ඉන්ධන පොහොර සහ ආහාර ද්‍රව්‍ය සපයා ගනු ලබන්නේ චීනයෙනි.
උතුරු කොරියානු ආහාර අර්බුදය කොතරම් දරුණුද යත්, ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝවක මිල ඩොලර් 45 ක්, එනම් ලංකා මුදලින් රුපියල් 9,000 ක් පමණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − four =