රටේ අනාගතය භාර ගැනීමට නාමල්,දහම්,විමුක්ති පෙරට පැමිණිය යුතුයි. – ශාන්ත බණ්ඩාර

0
872
- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළ ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව කිසිදු වැඩක් නොකරන බවට විපක්ෂය කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බවත් මේ වනවිටත් රජය දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් ජනතාවාදී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එතුමා පැවසීය.

ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යෑම වත්මන් සුළුතර ආණ්ඩුව හේතුවෙන් කළ නොහැකි වී ඇති බැවින් ඉදිරි මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුව මඟින් සාර්ථකව රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ඔහු පවසනවා.

රටේ අනාගත දේශපාලන ක්‍රියාදාමය භාර ගැනීමට නාමල් රාජපක්ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග වැන්නන් පෙරට පැමිණීම අවශ්‍ය බවත් ප්‍රගතිශීලී කඳවුරේ අනාගත ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් සියලුදෙනා එක්ව කටයුතු කිරීම වැදගත් බවත් වැඩිදුරටත් සභාපතිවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six − 3 =