රටපුරා ළමා නිවාස 400ක ළමුන් 12000ක්

0
1887
- Advertisement -

පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්දිමා සිගේරා මහත්මිය පවසන පරිදි දිවයින පුරා ළමා නිවාස 400ක ළමුන් දොළොස් දාහක් (12,000) පමණ දිවි ගෙවයි

අදාළ තත්ත්වය හේතුවෙන් ළමයින් සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවද ඇය පැවසුවාය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමග එක්ව දිවයිනේ සියලු ළමා නිවාස ආවරණය වන පරිදි ලබන අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස වල මෙම සමීක්ෂණය කිරීමට නියමිත බව ද ඇය සඳහන් කළාය.

නිවාස වල සිටින දරුවන් අතරින් ඇතැමෙකු දෙමව්පියන් හැරදමා ගිය කුඩා දරුවන් බවත්, ඇතැම් දරුවන් වැරදි වැඩ වලට හසුවූ දරුවන් බවත්, එම සියලු දරුවන් ළමා නිවාසයක සිටිනවාට වඩා පවුල් සමාජයක ජීවත් වීම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට විශාල පිටුවහලක් වන බව ද ඇයගේ අදහස වී තිබේ.

එම සමීක්ෂණයේ මූලික අරමුණ වන්නේ එම දරුවන්ගේ වර්තමාන පවුල් තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් සෙවීම බවද ඇය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 2 =