“රටට සෙත් පතා සෑම විහාරස්ථානයකම රතන සූත‍්‍රය සජ්ජායනා කරන ලෙස ඉල්ලමි.” අගමැති මහින්ද රාජපක්ෂ

0
111
- Advertisement -
Share
4 / 100

“රටට සෙත් පතා සෑම විහාරස්ථානයකම
රතන සූත‍්‍රය සජ්ජායනා කරන ලෙස ඉල්ලමි.”
අගමැති මහින්ද රාජපක්ෂ

කොරෝනා බිය දුරලන්න රතන සූත්‍රය දේශනා කර රටට සෙත් පතන්න!

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රට වැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයක ම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස මම මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකය ම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබේ.

එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදු වෙයි.

මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලු ම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සජ්ඣායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටිමි.

අගමැති මහින්ද රාජපක්ෂ 2020.11.01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =