රජය බකං නිලාගෙන සිටී. මෝල් හිමියෝ යල කන්නයේ අස්වැන්න කොල්ලකෑම අරඹති.

0
293
- Advertisement -
Share

රජය බකං නිලාගෙන සිටී.
මෝල් හිමියෝ යල කන්නයේ අස්වැන්න කොල්ලකෑම අරඹති.

මහා පරිමාණ වී මෝල් හිමියෝ වී අස්වනු කුණු කොල්ලයට ඩැහැ ගැනීමේ මාෆියාව ආරම්භ කර ඇතැයි ගොවීහු චෝදනා කරති. යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ කර තිබෙන මාතලේ (මිනිපේ 4) අම්පාර, කිලිනොච්චිය සහ කල්මුණේ දිස්ත්‍රික්කවල අස්වනු ඔවුන් තරගකාරීව අඩු මිලට ගන්නා බව සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ ‘අරුණ’ ට ඊයේ (9 වැනිදා) පැවැසීය.

වී කිලෝවක් රුපියල් 45 ත් 47 ත් අතර මිලට මහා පරිමාණ මෝල් හිමියන් සහ ඔවුන්ගේ අතරමැදියන් මිලදී ගැනීම පටන්ගෙන තිබෙන බව කී සභාපතිවරයා වී කිලෝවක සහතික මිල ප්‍රකාශයට පත්කර තිබෙන බවත් රජයේ තීරණයට පිටුපා වී මෝල් හිමියන් ඔවුන්ගේ අතරමැදි තැරැව්කරුවන් සහ වගාවට පොලියට මුදල් දුන් වෙළෙඳුන් වී අස්වනු කුණු කොල්ලයට ඩැහැ ගන්නා බවත් කීවේය.

රජයේ සහතික මිලට පිටුපා වී අස්වනු පෞද්ගලික අංශය මිලදී ගැනීමේ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව අවධාරණය කළ ඔහු 2020 යල කන්නයේ අස්වනු මිලදී ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් රජය මෙතෙක් ආරම්භ කර නැති බවටද චෝදනා කරයි.

සුනිල් රූපසිංහ – පල්ලේපොළ /අරුණ පුවත්පතෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 14 =