රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි ඉල්ලා ෂැන්ග්‍රිලා බෝම්බෙන් තුවාල වූ නීතීඥයකු ශ්‍රේෂ්ඨාධිකරණයට

0
511
- Advertisement -
Share

ෂැන්ගිලා හෝටලයේදී පිපිරී ගිය බෝම්බයට හසුවී දැඩි පිලිස්සුම් තුවාල ලැබූ නීතිඥවරයෙකු ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සම හෙට (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. වෘත්තීයෙන් නීතිඥවරයකු වන තලංගම පදිංචි මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ට සිදුවූ හානියට රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, රජයේ බුද්ධි අංශ ප්‍රධාන නිලන්ත ජයවර්ධන, විශේෂ ආරක්ෂකයන් දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක යන මහත්වරු නීතිපති ඇතුළු 44 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

එම ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ප්‍රකාශයට පත් කරන්නැයිද පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මඟින් සඳහන් කර ඇත. නීතිඥ ඩිල්ෂාන් මනම්පේරි මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 − three =