“රජයට අවශ්‍ය ලෙස සංඛ්‍යා දත්ත වෙනස් කිරීම
ප්‍රතික්ෂේප කළ භාණ්ඩාගාර නිළධාරියෙක් ඉවත් කරලා..” ආචාර්ය හර්ෂද සිල්වා.
ආර්ථිකයේ සැබෑ ස්වරූපය ජනතාවට හෙළිදරව් වීම වැලැක්වීමට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.
මහ බැංකුව ඉදිරිපත් කරන දත්ත සහ ආචාර්ය පී.බී. ජයසුන්දර ප්‍රධානත්වය දරන මහා භාණ්ඩාගාරය ඉදිරිපත් කරන දත්ත අතර ඇති පරස්පරතාවයන් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රජයට අවශ්‍ය ලෙස සංඛ්‍යා දත්ත වෙනස් කිරීම ප්‍රතික්ෂේප කළ භාණ්ඩාගාර නිළධාරියෙකු භාණ්ඩාගාරයෙන් ඉවත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවද පවසයි.