රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා නිලධාරියෙක් ඇප මත මුදාහැරේ

0
745
- Advertisement -

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා නිලධාරියෙක් ඇප මත මුදාහැරේ.

2008 සහ 2009 කාල සීමාව අතරතුරදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා නිලධාරියෙක් අද (ජුනි 14) කොළඹ මහාධිකරණය මගින් ඇප මත මුදාහරින ලදී.
ප්‍රභාත් සේනාරත්න නම් නාවික හමුදා නිලධාරියා මෙසේ මුදාහැරියේ රුපියල් 150,000ක මුදල් ඇප සහ රුපියල් මිලියනයක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත ය.
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් සැකකරුට එරෙහිව ගමන් තහනමක් ද පැනවිණි. ඒ අනුව, ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස ද නියෝග කර තිබේ.
මේ අතර, අද නඩු විභාගයේදී විනිසුරුවරයා සැකකරුට අවධාරණය කළේ නඩුවේ ඔහුට විරුද්ධව සාක්ෂි ලබාදුන් පුද්ගලයන්ට තර්ජනය කිරීමෙන් වළකින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + six =