“රංගජීවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.” ඇමති විමල් ඉල්ලයි.

0
563
- Advertisement -
Share

රංගජීවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. “
ඇමති විමල් ඉල්ලයි.

වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇප ලබා සිටින, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ප්‍රධානී, නියෝමාල් රංගජීව, ඊයේ කොළඹ මහාධිකරණ සංකීර්ණයේ දී, තමන්ගේ ඡායාරූප කිහිපයක් ගැනීමට උත්සාහ කළ ඡායාරූප මාධ්‍යවේදියෙකු බලහත්කාරයෙන් කුදලාගෙන ගොස්, මහාධිකරණ සංකීර්ණයේ ඇති පොලිස් මුරපොළට භාර දීමේ සිදුවීමක් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි.

සිදුවීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අදාල මාධ්‍යවේදියා, පොලිස් මුරපොළ තුළදී, නියෝමාල් රංගජීව, ඔහු ඇද සිටි කබාය ගලවා තමාට පහර දීමට උත්සාහ කළ බවද පවසා සිටියේ ය.

මෙම සිදුවීම හෙළා දකින අමාත්‍ය විමල් වීරවංශ මහතා, අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

තමන් පවා අධිකරණ කටයුතු සදහා අධිකරණයට පැමිණෙන බවත්, එම අවස්ථාවලදී මාධ්‍යවේදීන් තමන්ගේ ඡායාරූප පවා ගන්නා බවත් පවසන අමාත්‍යවරයා, එය මාධ්‍යවේදියාගේ රාජකාරිය බව සියළු දෙනා තේරුම් ගත යුතු බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =