යෝධ මී මැස්සා ආයෙම හමු වේ.

0
1119
- Advertisement -
වද වී ගොස් ඇතැයි විශ්වාස කළ ලොව විශාලතම මී මැස්සා, දශක ගණනාවකට පසුව ඉන්දුනීසියාවේ දූපතකින් සොයාගෙන තිබේ. මෙම යෝධ මී මැස්සාගේ ප‍්‍රමාණය වැඩුණු මිනිසෙකුගේ මහපට ඇගිල්ලක් තරම් වේ. මේ දුර්ලභ මීමැසි ප‍්‍රබේධය – වොලස්ගේ මී මැස්සා ලෙස හදුන්වයි. බි‍්‍රතාන්‍ය ජාතික පරිසර විද්‍යාඥයෙකු වූ ඇල්ෆ‍්‍රඞ් රසල් වොලස් විසින් 1858 දී මුල් වරට මේ මී මැස්සා හදුන්වා දීම හේතුවෙන් ඒ නම ඌට ලැබී තිබේ. සාමාන්‍ය මී මැස්සෙකු සහ යෝධ මී මැස්සා අතර ශරීර ප‍්‍රමාණයේ වෙනස පහත ඡයාරූපයෙන් පැහැදිලි වේ.
-බීබීසී ඇසුරෙනි –