යොහානීට මල් එවද්දී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ජැකොලයින් පසුපස දිල්ලි පොලිසිය පන්නයි

0
189
- Advertisement -

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැනට බොලිවුඩයේ ඉතාම ජනප්‍රිය සිනමා තාරකාවක් වන ජැකොල‍යින් ෆර්ඩිනැන්ඩස් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලබා තිබේ.

මේ අනුව එරට පැවැත්වෙන අධිකරණ ක්‍රියාමාර්ගයට සහයෝගය හේතුවෙන් දිල්ලි පොලිසිය මේ වනවිට ඇයව සොයමින් සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට දිල්ලි පොලීසිය සිව්වන වතාවටත් ඇයට නොතීසි නිකුත් කළද ඇය එය මගහරිමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මේ සිදුවීමට සමගාමීව ලංකාවේ තරුණ ගායිකාවක් වන යොහානි ද සිල්වා ඉන්දියාවේ සුපිරි තාරකාවක් වීමද විශ්මිත වේගයකින් සිදුවිය. ඇගේ ගීතයට අසහාය නළු අමිතාබ් භච්චන් ඉදිරිපත් කළ රංගනයක් සමාජ වෙබ් අඩවිවල මිලියන ගණනින් හුවමාරු වෙද්දී ඇයට ඉන්දියාවේ සංගීත ප්‍රසංග කිහිපයක් සඳහාද ඇරයුම් ලැබී තිබිණි.

මේ අනුව ඇය සාර්ථක ඉන්දියානු සංචාරයකින් පසුව පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතාවද හමු වූවාය. ඇයගේ පියා යුද්ධයේ අවසන් සටනට සහභාගි වූ යුධ විරුවෙක් වීමද මෙහිදී විශේෂිත කරුණකි.

ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්ගේ සිදුවීම පිළිබඳ වාර්තා මාධ්‍ය මගින් කළඑළි දකින්නේ මේ සමගය. දැනට 36 හැවිරිදි වියේ පසුවන ජැකොලයින් ෆර්ඩිනැන්ඩස් 2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් සහයෝගයක් ලබා දුන්නේ එවකට ඇය සමීපවම ඇසුරු කළ සුපිරි නලූවෙක් වූ සල්මන් ඛාන් සමග මෙරටට පැමිණෙමිනි.

එසේ වුවද එක්වරම එය අතරමග නවතා පෙරළා සිය රටට යාමට සල්මන් ඛාන්ට සිදු වූ අතර, ඒ සම්බන්ධයෙන්ද නොයෙක් ආකාරයේ කරුණු මාධ්‍ය විසින් වාර්තා කළේය. ඔවුන් පැවසුවේ ඉන්දියානු ආණ්ඩුව විසින් කළ නියෝගයක් අනුව වහාම සල්මන් ඛාන් තමාගේ සැලැස්ම නවතා දමා නැවත ඉන්දියාවට ගිය බවය.

මේ අතර වෙබ් අඩවියක් මගින් වාර්තා කළේ යොහානිගේ ගීතය ෛන්දියාව පුරා ජනප්‍රිය කර, ඇයව ඉන්දියාවට ගෙන්වා ගැනීම පසුපස ඇත්තේ ඉන්දීය දේශපාලන උපාය මාර්ගයක් බවයි. ඇය හරහා ලාංකික ජනතාව තුළ තමන්ට වඩාත් ප්‍රසාදයක් පළකරන ප්‍රතිරූපයක් ඇති කරගන්නට ඉන්දියාව උපක්‍රමශ්‍රීලීව කටයුතු කරන බව එම සමාජ වෙබ් අඩවිය උපකල්පනය කර තිබිණි. යොහානීගේ පියා ලංකාවේ සිංහල ජන සමාජය තුළ යුධ විරුවෙක් වශයෙන් දැවැන්ත පිළිගැනීමක් ඇති චරිතයක් වූ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 19 =