යුධ හමුදාධිපතිත් බැතිමතුන් සමඟ ‘පාද යාත්‍රා’ වන්දනාවට එක්වෙයි

0
557
- Advertisement -
Share

වාර්ෂික ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පා ගමනින් කතරගම වෙත පැමිණෙන උතුරු හා නැගෙනහිර පළාත් බැතිමතුන් ඊයේ(10) උදෑසන යාල ජාතික වනෝද්‍යානය හරහා ලින්තුන වරහන නැමැති ප්‍රදේශයට ළඟා වන විට ඔවුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සම්ප්‍රදායානුකූලව ආගන්තුක සත්කාර ලබා දුන්නා.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක එම ස්ථානයේ හදිසි සංචාරයක් සිදුකරමින් එම ප්‍රදේශයේ රාජකාරියේ නිරත 12 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය යටතේ එම බැතිමතුන් වෙත කෙටි ආහාර වේලක් ලබාදීමට කටයුතු කළා.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ‘පාද යාත්‍රා’ වන්දනා චාරිකාව සඳහා පැමිණි බැතිමතුන් සමඟ සුහඳ පිළිසඳරක යෙදෙමින් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර එහිදී පාදයාත්‍රාව තුළදි ඔවුන් ලැබූ අත්දැකීම් පිළිබඳව ද විමසා සිටියා.

12 වන සේනාංකයේ සහය ඇතිව මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම සංග්‍රහය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මඟපෙන්වීම යටතේ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ද සහභාගි වුණා.

මේ අනුව එම ‘පාද යාත්‍රා’ වන්දනා චාරිකාව වෙනුවෙන් සහභාගි වු 1500 කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන් වෙත ලබා දුන් ආගන්තුක සත්කාර සතුටින් භුක්ති විද නැවතත් කතරගම දෙස බලා ඔවුන්ගේ වන්දනා චාරිකාව ආරම්භ කළ අතර එහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකද එම චාරිකාවට එක්වුණා.

මෙම වන්දනා චාරිකාවට සහභාගි වු යුද්ධ හමුදාධිපතිතුමන් එම ‘පාද යාත්‍රා’ වන්දනාකරුවන් සමඟ කිලෝමීටර් 5ක් පමණ දුර ගමන් කළා.

මෙයට සමඟාමීව මෙම වන්දනා පා ගමනට සහභාගි වන වන්දනාකරුවන්ට අවශ්‍ය වෛද්‍ය ආධාර ඇතුළු අනෙකුත් වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා යොදවා තිබු සිවිල් වෛද්‍ය සංවිධාන වල සාමාජිකයින් හමුවීමටද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි කටයුතු කරනු ලැබුවා.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + nine =