යුද හමුදා කැබ් රථයක් අනතුරට, සෙබලෙක් ජීවිතක්ෂයට

0
573
- Advertisement -
Share

යුද හමුදා කැබ් රථයක් ඉදිරියෙන් ගමන්කල ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් කැබ් රථයේ පිටුපස ගමන්කල යුද හමුදා සෙබලෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර අනතුරෙන් මේජර්වරයෙක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඊයේ (18දා) සවස අනුරාධපුර රඹෑව ඒ-20 ප්‍රධාන මාර්ගයේ රඹෑවවාන ආසන්නයේදී සිදුවු අනතුරෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අනුරාධපුර රණසේවාපුර ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතුව සිටි කන්දේගෙදර ඉදුවර වහරව රුවන්වැල්ල ලිපිනයේ පදිංචිව සිටි 25 හවිරිදි ඩී.එම්.තරිදු සංජීව නැමති යුද හමුදා සෙබලායි.

කැබ්රථය අනුරාධපුර දෙස සිට රඹෑව නගර දෙසට අධික වේගයෙන් ධාවනයවූ අවස්ථාවේ ඊට ඉදිරියෙන් ත්‍රීරෝද රථයක් ගමන්කර තිබෙන බව පවසන මිහින්තලය පොලිසිය කැබ් රථය ත්‍රීරෝද රථය ඉස්සර කිරිමට ගත් උත්සාහයේදි එහි පිටිපස ගැටීමෙන් අනතුර සිදුව තිබෙන බව පවසනවා.

වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී තිබෙන බවත් ඒ අවස්ථාවේ කැබ්රථයේ පිටුපස සිටි යුද හමුදා සෙබළා රථයේ සවිකර තිබූ යකඩ බටයක ගැටී බරපත තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

කැබ් රථයේ ගැටුණු ත්‍රීරෝද රථය පෙරලි බිමදිගේ ඇදි ගිය අවස්ථාවේ මාර්ගයේ ගමන්කල කාන්තාවක ගැටීම නිසා ඇයටද තුවාල සිදුව ඇති බව පවසන පොලිසිය එම රථය පැදවූ රියදුරා හා එහි ගමන්කල කාන්තාවක්ද තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා.

යුද හමුදා සෙබළාගේ අපරික්ෂාකාරි රිය ධාවනය නිසා අනතුර සිදුව තිබෙන බවත් අසල තිබූ පෙට්ටි කඩයකටත් අනතුරෙන් අලාභහානි සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. අනතුර නිසා යුදහමුදා කැබ් රථයේ ගමන්කල ගමනාධිපති මේජර්වරයාට රියදුරාට හා සෙසු තිදෙනාට තුවාල සිදුව ඇතත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

අනතුර සිදුකල යුද හමුදා කැබ් රථය පැදවූ සෙබළා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මිහින්තලය පොලිසිය වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + ten =