“යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන ලාංකිකයන්ට ඕනෑම රටක අධිකරණයක් හමුවේ නඩු පැවරීමට කටයුතු කළ යුතුයි.”

0
454
- Advertisement -

යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන ලාංකිකයන්ට ඕනෑම රටක අධිකරණයක් හමුවේ නඩු පැවරීමට කටයුතු කළ යුතුයි.

මෙම පුවත අප උපුටා ගන්නේ සති අග අරුණ පුවත් පතිනි. ඒ සම්බන්ධයෙන් පුවත්පතේ පළ වී තිබෙන සම්පූර්ණ වාර්තාව පහත පළ වේ.

බැ‌​ෙචලට්ගෙන් ලංකාවට තවත් බාල්දියක් වාර්තාව ප්‍රතික්ෂේප කර ස්ථාවරය දන්වයි

තිස්ස රවින්ද්‍ර පෙරේරා

නයන තරංග ගමගේ

අන්තර්ජාතික වශයෙන් යුද අපරාධ චෝදනා ලබා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඕනෑම රටක අධිකරණයක් හමුවේ නඩු පවරා දඬුවම් ලබාදීමේ හැකියාව ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මිෂෙල් බැ‌​ෙචලට් එම කවුන්සිලයට යෝජනා කර ඇත.

මහ කොමසාරිස්වරිය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ලබන මාසයේ (පෙබරවාරි) පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙනුවෙන් සම්පාදනය කර ඇති වාර්තාව මගිනි. එහි මෙසේද සඳහන් කර ඇත.

‘‘ජාතික මට්ටමින් වගවීම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට රජයට (ශ්‍රී ලංකාවට) ඇති නොහැකියාව හා අකමැත්ත සැළකිල්ලට ගෙන අන්තර්ජාතික අපරාධ සඳහා යුක්තිය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කාලය උදා වී ඇත. ශ්‍රී ලංකාවේ සියලුම පර්ශ්වයන් විසින් සිදු කරනු ලබන අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් පිළිගත් ‘විශ්වීය අධිකරණ බලය’ පිළිබඳ මූලධර්ම යටතේ රාජ්‍යයන් විසින් ඔවුන්ගේ ජාතික (දේශීය) අධිකරණවල විමර්ශන හා නඩු පැවරීම් සිදු කළ යුතුය.’’

එම නඩු පැවරීම් හරහා බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා චෝදනා ලැබූ අපරාධකරුවන්ට එරෙහිව ඔවුන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් වැනි සම්බාධක පැනවීමටත් දඬුවම් කිරීමටත් එම රාජ්‍යයන්ට හැකියාව ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව විවේචනය කරමින් නිකුත් කළ වාර්තාව සාවද්‍ය එකක් බැවින් එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම් දුන් බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

මෙයට පිළිතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සකස් කළ වාර්තාව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටත් එයට සම්බන්ධ රටවල් 47ටත් නිල වශයෙන් මෙම සතියේ ලබා දී ඇත.

හමුදා නිලධාරීන් පරිපාලන සේවයට කැඳවා රජයේ කටයුතු මිලිටරි කරණය කර ඇතැයි ජිනීවා කොමිසම නගන චෝදනාවද ශ්‍රී ලංකාවේ රජය ප්‍රතික්ෂේප කර ඇත. සිවිල් පරිපාලන තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත්කර නොමැති බවත් විශ්‍රාමික නිලධාරීන්ව සේවයේ අවශ්‍යතාවය හා සුදුසුකම් මත පත් කර ඇති බවත් මෙහි දී පෙන්වා දී තිබේ.

කොවිඩ් 19 වසංගතයේ දී ශ්‍රී ලංකා රජය බහුතර ජාතියට වාසි වන පියවර ගත් බවට ශ්‍රී ලංකා රජයට එල්ල කර ඇති චෝදනාවද දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.ආදාහනය සම්බන්ධව ගත් තීරණය සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණයක් මිස දේශපාලන තීරණයක් නොවන බවද මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මහ කොමසාරිස්වරිය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ලබන මාසයේ (පෙබරවාරි) පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙනුවෙන් සම්පාදනය කර ඇති වාර්තාව මගිනි. එහි මෙසේද සඳහන් කර ඇත.

‘‘ජාතික මට්ටමින් වගවීම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට රජයට (ශ්‍රී ලංකාවට) ඇති නොහැකියාව හා අකමැත්ත සැලකිල්ලට ගෙන අන්තර්ජාතික අපරාධ සඳහා යුක්තිය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කාලය උදා වී ඇත. ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් පිළිගත් ‘විශ්වීය අධිකරණ බලය’ පිළිබඳ මූලධර්ම යටතේ රාජ්‍යයන් විසින් ඔවුන්ගේ ජාතික (දේශීය) අධිකරණවල විමර්ශන හා නඩු පැවරීම් සිදු කළ යුතුය.’’

එම නඩු පැවරීම් හරහා බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා චෝදනා ලැබූ අපරාධකරුවන්ට එරෙහිව ඔවුන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් වැනි සම්බාධක පැනවීමටත් දඬුවම් කිරීමටත් එම රාජ්‍යයන්ට හැකියාව ඇත. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව විවේචනය කරමින් නිකුත් කළ වාර්තාව සාවද්‍ය එකක් බැවින් එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම් දුන් බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

මෙයට පිළිතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සකස් කළ වාර්තාව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටත් එයට සම්බන්ධ රටවල් 47ටත් නිල වශයෙන් මෙම සතියේ ලබා දී ඇත.

හමුදා නිලධාරීන් පරිපාලන සේවයට කැඳවා රජයේ කටයුතු මිලිටරි කරණය කර ඇතැයි ජිනීවා කොමිසම නගන චෝදනාවද ශ්‍රී ලංකාවේ රජය ප්‍රතික්ෂේප කර ඇත. සිවිල් පරිපාලන තනතුරු සඳහා හමුදා නිලධාරීන් පත්කර නොමැති බවත් විශ්‍රාමික නිලධාරීන් සේවයේ අවශ්‍යතාවය හා සුදුසුකම් මත පත් කර ඇති බවත් මෙහි දී පෙන්වා දී තිබේ. කොවිඩ් 19 වසංගතයේ දී ශ්‍රී ලංකා රජය බහුතර ජාතියට වාසි වන පියවර ගත් බවට ශ්‍රී ලංකා රජයට එල්ල කර ඇති චෝදනාවද දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ. කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය සම්බන්ධව ගත් තීරණය සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණයක් මිස දේශපාලන තීරණයක් නොවන බවද මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 8 =