යුද්ධය ඇවිලේ…! පකිස්ථානය, ඉන්දියානු ප‍්‍රහාරක ගුවන් යානා දෙකක් බිම දමයි…!

0
618
- Advertisement -

ඉන්දියානු ප‍්‍රහාරක යානා දෙකක් බිම දමා ගුවන් නියමුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පකිස්ථානය පවසයි. 1947 ඉන්දියාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස් වූවාට පසුව, මේ දෙරට අතර යුද්ධ තුනක් හට ගෙන තිබේ. අල්ලාගන්න ලද ගුවන් නියමුවාගේ දර්ශන සහිත වීඩියෝ පටයක් පකිස්ථාන තොරතුරු අමාත්‍යංශය විසින් ප‍්‍රචාරය කර ඇති අතර, පසුව එම වීඩියෝව මකා දමා තිබේ. තමන්ගේ එක් ප‍්‍රහාරක ගුවන් යානාවක් සහ එක් ගුවන් නියමුවෙකු තමන්ට අහිමි වූ බව ඉන්දියාවද පිළිගෙන තිබේ. ඊයේ එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් පකිස්ථාන දේශසීමාවේ සිටින ත‍්‍රස්තවාදීන් තුන්සියයකට අධික පිරිසක් මරා දැමූ බව ඉන්දියාව ප‍්‍රකාශ කරයි. එය ප‍්‍රතික්ෂේප කරන පකිස්ථානය, ගුවන් ප‍්‍රහාරවලින් කිසිවෙකුටත් හානි නොවූ බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 18 =