යුගදනවි බලාගාරය පිළිබදව සාකච්ඡ කිරීමට අප ඉල්ලූ අවස්ථාව ජනාධිපතිතුමා ප‍්‍රතික්ෂේප කළා. ඉතින් අපි ජනතාව හමුවීමට තීරණය කළා….!

0
182
- Advertisement -

යුගදනවි බලාගාරය පිළිබදව සාකච්ඡ කිරීමට
අප ඉල්ලූ අවස්ථාව ජනාධිපතිතුමා ප‍්‍රතික්ෂේප කළා.
ඉතින් අපි ජනතාව හමුවීමට තීරණය කළා….!’ වාසුදේව නානායක්කාර.


යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු නිව් ෆෝර්ටෙ‍්‍රස් සමාගමට ලබා දීම සදහා අත්සන් කර තිබෙන ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙස, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නායකයන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත්, ඔවුන් ඉල්ලූ සාකච්ඡුාව මෙතෙක් ජනාධිපතිවරයාගෙන් එම පක්ෂ නායකයන්ට නොලැබුණු බවයි පැවසෙන්නේ.

ජනාධිපතිවරයාගෙන් සාකච්ඡවක් නොලැබීම හේතුවෙන්, ඉදිරියේ දී ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබදව සාකච්ඡ කිරීම සදහා මෙම පක්ෂ නායකයන් අද දිනයේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී හමු වීමට නියමිතව තිබුණි.

ඒ අනුව, ඔවුන් අද දිනයේ දී මුණ ගැසී තිබුණි.

එම හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වු වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලද සාකච්ඡව තම කණ්ඩායමට නොලැබුණු බව පිළිගත්තේ ය.

ජනාධිපතිවරයා සාකච්ඡවක් ලබා නොදෙන්නේ නම්, ඊළගට ගන්නා පියවර කුමක්දැයි මාධ්‍යවේදියෙකු විමසා සිටි විට අමාත්‍යවරයා පවසා සිටියේ, ජනාධිපතිවරයා අවස්ථාවක් නොදෙන්නේ නම්, තමන්ට බලහත්කාරයෙන් ජනාධිපතිවරයා මුණ ගැසීමට නොහැකි බවයි. එමෙන්ම, ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාවක් නොදෙන්නේ නම්, තමන් ඇතුළු කණ්ඩායමට ප‍්‍රශ්නය ජනතාවට ඉදිරියට ගෙන යාමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසී ය.

යුගදනවි බලාගාරයෙන් 40% ක කොටස් දැනටමත් ඇමරිකානු සමාගමකට පවරා දී තිබෙන බැවින්, තවත් සාකච්ඡුා කිරීමට ඉතුරුව තිබෙන්නේ මොනවාදැයි, මාධ්‍යවේදියා ඇමතිවරයාගෙන් විමසා සිටියේ ය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, සියළු ගිවිසුම් ජනතා බලය ඉදිරියේ අහෝසි වන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − three =