යුක්රේන සංචාරකයෝ අද පෙරවරුවේ දළදා මාළිගාවට පැමිණෙති. එම කාල සීමාවේ දී – දේශීය බැතිමතුන්ටත් මාළිගාව තහනම් නෑ.

0
528
- Advertisement -

යුක්රේන සංචාරකයෝ අද පෙරවරුවේ
දළදා මාළිගාවට පැමිණෙති.
එම කාල සීමාවේ දී – දේශීය බැතිමතුන්ටත් මාළිගාව තහනම් නෑ.

යුක්රේන සංචාරකයෝ අද පෙරවරු 11.00 සහ පස්වරු 1.30 අතර කාලයේ දී, මහනුවර දළදා මාළිගාව නැරඹීම සදහා පැමිණීමට නියමිත බව, සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය උපුටා දක්වමින්, ද මෝර්නිං පුවත්පත වාර්තා කර තිබේ.

මෙම කාල සීමාව තුල, දේශීය බැතිමතුන් සදහා ද දළදා මාළිගාව විවෘතව පවතී.

මාළිගාවට ඇතුළු වීම සදහා යුක්රේන සංචාරකයන් වෙනත් ප‍්‍රවේශ මාර්යක් භාවිතා කිරීමට නියමිත ය.
කෙසේ වෙතත්, දළදා වහන්සේ වැඩ වාසය කරන උඩු මහළේ දී – සංචාරකයන් සහ දේශීය බැතිමතුන් අතර මීටර් හතරක පරතරයක් පමණක් පවත්වා ගනු ඇති බව පැවසේ.

යුක්රේන සංචාරකයන් ලංකාවට ගෙන එන්නේ, ජීව බුබුළු සංකල්පයක් මත කියා පැවසූවද, මෙවැනි අවස්ථාවල දී එම සංකල්පය බිද වැටෙන බව පෙනී යයි.

ද මෝර්නිං පුවත්පත ඇසුරෙනි.