යුක්රේනය ඊයේ සිට ජනවාරි 24 දක්වා ලොක් ඩවුන්.

0
340
- Advertisement -

යුක්රේනය ඊයේ සිට ජනවාරි 24 දක්වා ලොක් ඩවුන්.

කොරෝනා වසංගතයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග, ජනවාරි අටවනදා සිට 24 දක්වා රට ලොක් ඩවුන් කිරීමට යුක්රේන රජය තීරණය කර තිබේ.

ඒ අනුව, සියළු ආපන ශාලා, පාසල්, ශරීර සුවතා මධ්‍යස්ථාන වසා තැබෙන අතර, ජනතාව එක්රැස්වන සියළු අවස්ථාවන් වළක්වා තිබේ.

පසුගිය සැප්තැම්බරයේ සිට, කොරෝනා වසංගතයේ ඉහළ වර්ධනයක් යුක්රේනය තුළ පෙන්නුම් කරයි.

යුක්රේනය තුළ මේ වන විට මිලියනකයට වඩා වැඩි ආසාදිතයන් ප‍්‍රමාණයක් හදුනාගෙන ඇති අතර, වසංගතය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව, ඊයේ දිනය වන විට, 19588කි.