යාපනය නගරාධිපති ඇප මත මුදා හරියි. අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය කණස්සල්ල පළ කරයි.

0
261
- Advertisement -

යාපනය නගරාධිපති ඇප මත මුදා හරියි.
අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය කණස්සල්ල පළ කරයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් අත් අඩංගුවට ගනු ලැබූ යාපනය නගරාධිපති වී.මනිවානන් ඊයේ රාති‍්‍රයේ දී ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

මේ අතර, ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබෙන මෙරට ඇමරිකානු තානාපතිවරිය, මෙම අත්අඩංගුවට ගැනීම පිළිබදව සිය කණස්සල්ල ප‍්‍රකාශ කර තිබේ.

ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සියළු දෙනාගේ අයිතිවාසකම් ආරක්ෂාවන ආකාරයට නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු හොදම ආකාරය බවත්, මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත්වන බවත් ඇමරිකානු තානාපතිනිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − seven =