යාපනය නගරාධිපතිධුරය දරද්දි කොටින්ගෙ වෙඩි ප්‍රහාරයකින් මියගිය ඇල්ප්‍රඩ් දුරේ අප්පා මහතාගේ මුනුපුරෙකු වන නිෂාන් දුරේඅප්පා මහතාට කැනඩාවේ ප්‍රාන්ත පොලිසියක ප්‍රධානි තනතුරක් හිමි වී ඇත.
ඒ අනුව ප්‍රාන්ත පොලිස් සභාව විසින් පසුගිය පළමුවැනිදා සිට දුරේඅප්පා මහතා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා ලෙස පත් කර ඇත.
යාපනයේ නගරාධිපති ධුරය දැරූ ඇල්ප්‍රඩ් දුරේඅප්පා මහතා කොටි සංවිධානය විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුව දුරේඅප්පා මහතාගේ ඥාතීන් ජීවිතාරක්ෂාව පතා කැනඩාවට ගොස් ඇති අතර නිෂාන් දුරේඅප්පාද සිය ඥාතීන් සමග කුඩා කාලයේදිම කැනඩාවට ගොස් ඇත.
අනතුරුව ඔහු නිසි වයසේ පොලිස් සේවයට බැදීමෙන් පසුව කැනඩාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අංශයේද පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ ද සේවය කර අවුරුදු 25ක පළපුරුද්දක් ලැබීමෙන් පසුව මෙලෙස පීල් නගරයේ නියෝජ්‍ය පොලිස්පතිධුරයට පත් වී ඇත.
