යාපනයේ බිලි පුජා තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක්

0
616
- Advertisement -
Share

ආගමික උත්සව සදහා යැයි කියමින් යාපනය අර්ධ ද්වීපයේ තුළ කිසිම කෝවිලක සතුන් මැරීම තහනම් කරමින් මීට වසර දෙකකට ඉහතදී ලබා දී ඇති නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් යාපනයේ එක් කෝවිලක බාරකරුවන් පිරිසක් කොළඹ අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කොට තිබෙනවා.

එවකට යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මනික්කවාසගර් ඉලංචෙලියන් එම නඩුතීන්දුව ලබා දෙන ලද්දේ යාපනයේ ශිව සේනා සංවිධානයත් හින්දු සංගම් කීපයකුත් විසින් සතුන් බිලිදීම හා දෙවියන් වෙණුවෙන් මස් පූජාකිරීම තහනම් කරණ ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මහාධිකරණ විනිසුරුවරයාගේ එම තීන්දුවත් සමගම ඊට විරුද්ධ වූ යාපනයේ කඩ්ඩුවාන්වත්ත නරිස්මා වෛරවර් කෝවිලේ පිරිසක් යාපනය මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරණ ලද නමුත් ඒ පෙත්සම විභාග කළ අවස්ථාවේදී දෙවියන් වෙණුව්න් සතුන් මරන්නේ කුමන කාරණයක් සදහාද යන්න ඔවුන්ට සනාථ කිරීමට නොහැකිවීම නිසා එම පෙත්සම නිශ්ප්‍රභා වුණා.

මේ අවස්ථාවේදී කොළඹ අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කොට යාපනය මහාධිකරණය මගින් ලබා දී ඇති එම තීන්දුව බල රහිත කරණ මෙන් ඉල්ලා ඇත්තේද එම කෝවිලේම බාරකාර මණ්ඩලයේ පිරිසක් විසින්අදාල පෙත්සම ජුලි මස 18 වෙනිදා විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =