යාපනයේ ‘තාරා ගෲප්’ නමින් තවත් මැර කල්ලියක් හිස ඔසවයි

0
872
- Advertisement -

යාපනයේ ක්‍රියාත්මක ‘තාරා ගෲප්’ නැමැති අපරාධ කල්ලියකට සම්බන්ධ බව කියන තරුණයෙක් තියුණු කෙටේරියක්,කැත්තක් හා මන්නා පිහි දෙකක් ද සමග පේදුරුතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත,

මෙම අපරාධ කල්ලියට සම්බන්ධ බව කියන තරුණියන් තවත් 08 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යන බව යාපනේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

පේදුරුතුඩුව පොලිස් වසමට අයත් පුලෝලි ඊසාන ප්‍රදේශයට පදිංචි ඉලංගන් උදය කුමාර් නැමැත්තාට පහරදීමට ද මෙම අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවන් සම්බන්ධ බවට පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. පහර කෑමට ලක්වූ පුද්ගලයා පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් නැමති 25 හැවිරිදි තරුණයෙකි. මොහුගේ යතුරුපැදියද පොලිස් බාරයට ගෙන ඇත. පේදුරුතුඩුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි