මහ මග සිගමන් යදින යාචකයන් වහාම ඉවත් කරන ලෙසට, පොලිස් මූලස්ථානය විසින් බස්නාහිර පළාතේ සියලූ පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.
වැඩ බලන පොලිස්පති වරයාගේ නියෝගයකට අනුව, බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි මහතා විසින් මේ බව දැනුම් දී තිබේ.
ඊට අමතරව, දෙසැම්බර් මාසයේ පළමුවැනිදා සිට දුම්රිය තුළ සිගමන් යැදීම ද තහනම් බව දුම්රිය සේවා අමාත්‍යංශය නිවේදනය කරයි.