යළි තනතුරේ පිහිටුවන ලෙස ඉල්ලා ශානිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

0
296
- Advertisement -
Share

යළි තනතුරේ පිහිටුවන ලෙස ඉල්ලා
ශානිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

තමාගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා දුන් නියෝගය අහෝසි කොටා, යළිත් තමන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලෙස ඉල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම මගින්, ඔහු – වැඩ තහනම් කර සිටින කාලය සදහා තමන්ට හිමි වැටුපෙන් භාගයක් සහ තමන්ට ලබා දී තිබුණු පොලිස් ආරක්ෂාව යළි ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියි.

අසාධාරණ හේතු මත තමන්ගේ වැඩ තහනම් කර ඇති බව පවසන ශානී අබේසේකර මහතා, තමන් ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කල අයගෙන් රුපියල් කෝටියක වන්දියක්ද ඉල්ලා සිටියි.

ඊට අමතරව, නාදුනන පුද්ගලයෙකුගෙන් තමන්ට ලැබුණ මරණ තර්ජනයක් පිළිබදව ද එම පෙත්සමේ ඔහු සදහන් කර තිබේ.

රන්ජන් රාමනායක සමග කරන ලද දුරකථන සංවාද හේතුවෙන්, ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම සිදු වූ අතර, ඔහුගේ වැඩ තහනම සදහා පොලිස් කොමිසමේ අනුමැතිය ද ලැබී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 12 =