යහපාලනය සෞඛ්‍යයට වෙන් කළ මුදල රු.බි.178 යි. මේ පාලනය සෞඛ්‍යයට වෙන් කරන මුදල රු.බි. 158 යි.
වසංගතය මැද්දේත් රු.බි. 20 ක් කපා හරී.
යහපාලන රජය පැවති 2019 වසරේ දී සෞඛ්‍ය සදහා රුපියල් බිලියන 178 ක මුදලක් වෙන් කර තිබුණු අතර, රටේ බරපතල සෞඛ්‍ය ගැටළුවක් උද්ගතව පවතිද්දීත්, 2021 සදහා සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන විස්සකින් කපා හැර ඇති බව වාර්තා වේ. ඒ අනුව, 2019 වසරේ දී රු.බි. 178 ක් වූ සෞඛ්‍ය වැය ශීර්ෂය 2021 දී රු.බි.158 දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම පොදු ප්‍රවාහනය සදහා 2019 වසරේ දී රුපියල් බිලියන 69 ක් වෙන් කර ඇති අතර, 2021 සදහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 41 ක් පමණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී කරුණු අනාවරණය විය.